ඔන්න කාලෙකට පස්සෙ ආපහු බ්ලොග් එක පැත්තෙ හිතුනා,
Web Media Player එකට පස්සෙ ටිකක් කල් යනකම් මුකුත් කරන්න බැරි උනා,
Web Media Player එකේ දෙවන සංස්කරනයත් පටන් ගන්න අදහසක් තියෙනවා, පලවන සංස්කරනය ඩවුන්ලෝඩ් කරගෙන ගුන දොස් කියපු ඔක්කොටම බොහෝම ස්තුතියී..
අද මම ලියන්න යන්නෙ Drivers හොයාගෙන Install කරගන්න ගැජට් එකක් ගැන ... මුලින්ම පොඩි විස්තරයක් කරන්නම් Drivers වලින් කෙරෙන කාර්යය....
Drivers යනු මොනවාද?
සමහර වෙලාවට ඔයාලත් අනන්තවත් අහල ඇති ඔයාලගෙ Computer එකෙ මොකක් හරි ප්‍රශ්නයක් ආවහම , හදන එක්කෙනා ඇවිත් කියනවා , "මේකෙ Drivers නෑ නේ" වගේ කතාවල්... සමහර විට ඔයාල Format කරහම , ඔයාලට Computer එක ගත්ත තැනින් CD දෙනවා , සමහර විට ඒවා Install කරනකම්, VGA එක එහෙම වැඩ කරන්නෙ නෑ, Game එකක් එහෙම ගහන්න ගියහම ගහන්න බෑ...
හරි දැන් කට්ටියට Drivers ගැන යම් අවබෝධයක් ඇති.. තවත් ටිකක් Drivers ගැන කිව්වොත්, Drivers තමයි , පරිගනකයේ Hardware සහ Operating System (Windows XP, Windows Vista, Windows 7 etc...) අතර සම්බන්දතාවය ඇතිකරන්නෙ මේ කියන Driver Software එක මගින්.....