Advertisement - 240*100

Saturday, April 6, 2013

කැමති වේලාවක, Automatically Internet Connect කරමු


ඔන්න ආපහු කාලෙකින් Blog එක පැත්තෙ එන්න හිතුනා. අද අපි බලන්නෙ කොහොමද අපි පාවිච්චි කරන Internet Connection එක Automatically Connect & Disconnect කරන්නෙ කොහොමද කියල. ඒත් ඇයි අපි එහෙම කරන්නෙ? ඔන්න සමහරුන්ට එන ප්‍රශ්ණයක්. මේදවස්වල ලංකාවෙ Mobile Broadband Users ලා බොහොමයක් කතාකරන මාතෘකාව තමයි Late Night Internet Packages. සමහර වෙලාවට Limited Packages පාවිචි කරන  SLT සහොදරයොත් මේක පාවිචි නොකරනවාම නෙවෙයි. මොකද ඉතාමත් අඩු ගානකට ලොකු Data ප්‍රමාණයක් හම්බ වෙන නිසා ඉතින් Download එකක් දාන්න නරකම නෑ. ඉතින් මේ ඉලව්ව තියෙන්නෙ රැ 12 ~ 6 වෙනකම් නේ. රෑ 12 වෙනකම් නැගිටලා ඉදලා  12 පස්සෙ දැම්මොත් තමයි, අපි අදාල Network එකෙන් Active කරපු Late Night Data Package එක වැඩ කරන්නෙ. ඉතින් දැන් තේරෙනවා ඇති නෙ Automatically Internet එකට අපි දෙන වෙලාවට Connect වෙන වාසිය. මුලින්ම මේ File එක Download කරගන්නකෝ.. පහල තියෙන Links 2 න් එකකින් Download කරගන්න.

Media Fire 

Mega

Download කරගත්තට පස්සෙ මුලින්ම ඔයා Zip File එක Unzip කරගන්න ඕන. ඊට පස්සෙ ඔයා connect.bat file එක right click කරලා notepad එකෙන් Open කරගන්න 

rasdial "Profile Name"

ඒක Open කරගත්තහම, උඩ තියෙනවා වගේ text එකක් පෙන්නාවි. එතන Profile Name එකට ඔයාගෙ Network Profile Name එක දෙන්න.. ඔයාට ඒක බලාගන්න පුලුවන් Task Bar එකේ තියෙන Network Icon එක උඩ Click එකක් දාලා.

සැ.යු. 2 පිංතුරයේ තිබෙන Signal Strength එක පෙන්වන එක Connected අවස්තාවේ කොලපාටින් සිග්නල් Strength එක පෙන්වයි


මෙතන මගේ නම් එක Connection එකකට වඩා එනවා, සමහර අයගෙ ඇත්තෙ එක Connection එකක් වෙන්න පුලුවන්. මෙතන තියෙන නම උදාහරණයක් විදියට Hutch Wap නම් , ඒ නම අර පෙරලි කොමාවන් තුල "" Type කරන්න. ඊට පස්සෙ save කරන්න. "disconnect.bat" File එකත් මේ විදියටම කරන්න.

දැන් තියෙන්නෙ Windows Task Schedular එකට මේ Bat File එක Run වෙන්න ඕන වෙලාව Set කරන එක. මුලින්ම Start > Accessories > System Tools > Task Scheduler , Open කරගන්න. නැත්නම් Windows Button + R ගහල (Run Command) එක. එකෙ Taskschd.msc  ගහලා Enter Key එක Press කරන්න.

ඊට පස්සෙ Actions කියන කොටසෙ තියෙන Create Task උඩ Click කරන්න.

Create Task



Name එකට ඔයාට කැමති, මතක තියාගන්න පුලුවන් නමක් දෙන්න.. ඊලගට Triggers උඩ click එකක් දාලා New Click කරන්න

Trigger Window
මෙතම ඔයාට මෙ Batch File එක Run  වෙන්න ඕන වෙලාවයි, දිනයයි දීලා OK කරගන්න,ඊට පස්සෙ ඔයා අපහු අර පරන Window එකට එනවා. ඒකෙ Actions tab එක Click කරලා New Click කරන්න.




මෙතන Program/Script කියන තැනට අර ඔයාගෙ Batch File එක Browse කරලා, Ok කරලා Create Task Window එකත් Ok කරන්න. මොනවා හරි Changes කරන්න අවශය නම් ඔයාගෙ Schedule එකට Task Scheduler Open කරලා Task Schedule Library එකෙන් ඔයා දිපු නම තියෙන Task එක Select කරලා, Edit කරන්න. ඔයාට මේ විදියටම disconnect.bat file එකටත් Task එකක් හදාගන්න. දැන් ඉතින් වැඩේ ගොඩ.. අවුලක් ආවොත් Comment එකක් දාන්න වගේම ගුණ දොස් කියලත් Comment කරන්න. අදට මම යනවා, හැමෝටම සුභ දවසක්. ජය වේවා.






 




2 comments:

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More