Advertisement - 240*100

වින්ඩෝස් 7 වල Administrator Account එකෙන් ලොග් විම....

හුගක් අය නොදන්න කාරනයක් තමා, තමන් Create කරන Default Administrator Accountඑකට අමතරව වින්ඩෝස් මගින් තවත් Administrator Account එකක් තියෙනබව නොදැන සිටීම. මේ Administrator Account එක හදිස්සි අවස්තාවක බාවිතාකිරීම සදහා Microsoft සමාගම මගින් ලබාදී ඇත..

Monday, May 21, 2012

PDF File එකක් ලේසියෙන් ම Create කරමු ...


ඔන්න, ආපහු මට බ්ලොග් එක පැත්ත් පොඩ්ඩක් එන්න හිතුනා... අද ඔයාලට හුගක් වැදගත් වෙන Software එකක් තමයි අරගෙන ආවෙ,  හුගක් අය දන්නව ඇති PDF  (Portable Document Format) Files ගැන, මොකද මේක නිතරම කතාවෙන දෙයක්.. Word Document එකක් වගෙ.. ඒත් Word Document එකක් නෙවෙයි... PDF වැඩිපුරම ඔයාලට දකින්න ලැබෙන්නෙ, Tutorials වල... හුගක් Downloadable Tutorials එන්නෙ PDF කියන Format එකෙන්... සගරා, සහ , සමහර පත්තරත් එන්නෙ මේ මම කියපු Format  එකෙන්..

බලන්නකෝ මම Wikipedia වල PDF ගැන ලියවිච්ච වෙබ් පිටුව PDF එකකට දැම්මා.. පහලින් Download කරගන්න



දැන් ඔයාගෙ Computer එකේ මේක Open වෙන්නෙ නැත්නම්, ඒ කියන්නෙ ඔයාගාව මේක කියවන්න තියෙන්න ඕන Software එක නෑ.. ඕනම File එකක් පාවිච්චි කරන්න නම් ඒකට අදාල Softwares තියෙනවා. උදාහරනයක් විදියට, Word Document එකක් Open කරන්න නම් Microsoft Word හරි වෙනත් Word Document Support කරන Software එකක් තියෙන්න ඕන.. මෙකටත් එහෙමයි...  ප්‍රධාන වශයෙන්ම බොහෝදෙනා , PDF Reader එක විදියට පාවිචි කරන්නෙ Adobe Reader Software එක.. පහල තියෙන Link වලින් ඔයාට කැමති Reader එකක් Download කරගන්න 


Adobe Reader    -  Download

Sumatra PDF    -  Download

FoxIt               -  Download

ඒත් මගෙ අරමුන PDF Reader එක දෙන එක නෙවෙයි.. ඔයාලට ඉතාමත් ලෙහෙසියෙන් PDF file එකක් හදාගන්න හැටි තමයි කියල දෙන්න හදන්නෙ.. මුලින්ම මේ Software එක Download කරගන්න...

මේක Install කරගත්තට පස්සෙ , ඔයාට පුලුවන් , වෙබ් පිටුවක්, වෙනත් ඕනම Document එකක් හදල, PDF එකක් විදියට Convert කරගන්න..  උදාහරනයක් විදියට, ඔයාට ඕන නම් Web පිටුවක් PDF විදියට හරවල, ඔයාගාව තියාගන්න... ඔයාට තියෙන්නෙ CRTL + P ඔබන්න විතරයි (Print Command එක) භාවිතා කරලා, Printer එකට PDF Creatror එක ලබාදෙන්න... 

වැඩිය විස්තර කරන්න ඕන වෙනෙකක් නෑ කියලයි මම හිතන්නෙ... ප්‍රශ්නයක් ආවොත් Commnet එකක් දාන්න..











Wednesday, May 16, 2012

කරදරයක් නැතුව Drivers හොයල Install කරගන්න .. Driver Genius


ඔන්න කාලෙකට පස්සෙ ආපහු බ්ලොග් එක පැත්තෙ හිතුනා, Web Media Player එකට පස්සෙ ටිකක් කල් යනකම් මුකුත් කරන්න බැරි උනා, Web Media Player එකේ දෙවන සංස්කරනයත් පටන් ගන්න අදහසක් තියෙනවා, පලවන සංස්කරනය ඩවුන්ලෝඩ් කරගෙන ගුන දොස් කියපු ඔක්කොටම බොහෝම ස්තුතියී..


අද මම ලියන්න යන්නෙ Drivers හොයාගෙන Install කරගන්න ගැජට් එකක් ගැන ... මුලින්ම පොඩි විස්තරයක් කරන්නම් Drivers වලින් කෙරෙන කාර්යය....


Drivers යනු මොනවාද?


සමහර වෙලාවට ඔයාලත් අනන්තවත් අහල ඇති ඔයාලගෙ Computer එකෙ මොකක් හරි ප්‍රශ්නයක් ආවහම , හදන එක්කෙනා ඇවිත් කියනවා , "මේකෙ Drivers නෑ නේ"  වගේ කතාවල්... සමහර විට ඔයාල Format කරහම , ඔයාලට Computer එක ගත්ත තැනින් CD දෙනවා , සමහර විට ඒවා Install කරනකම්, VGA එක එහෙම වැඩ කරන්නෙ නෑ, Game එකක් එහෙම ගහන්න ගියහම ගහන්න බෑ...

හරි දැන් කට්ටියට Drivers ගැන යම් අවබෝධයක් ඇති.. තවත් ටිකක් Drivers ගැන කිව්වොත්, Drivers තමයි , පරිගනකයේ Hardware සහ Operating System (Windows XP, Windows Vista, Windows 7 etc...) අතර සම්බන්දතාවය ඇතිකරන්නෙ මේ කියන Driver Software එක මගින්.....

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More