Advertisement - 240*100

Saturday, August 11, 2012

Skype Tips And Tricks


ඔන්න යාලුවනෙ අදත් මම ටිකක් වැදගත් දෙයක් ඔයගොල්ලොන්ට අරගෙන ආවා, අද අපි කතා කරන්නෙ Skype ගැන.. මුලින්ම මම Skype කියන්නෙ මොකක්ද කියල අදුන්වල දෙන්නම් කෝ...

Skype කියන්නෙ VOIP තාක්ශනය හරහා වෙනත් දුරකතනයකට / පරිගනකයකට ඇමතිය හැකි Software එකකි.. දුරකතනයකට Call එකක් ගන්න නම් පොඩි ගානක් වියදම් කරන්න වෙනවා, ඒත් ඔයාට තවත් පරිගනකයකට සම්භන්ද වෙන්න නම් කිසිම මුදලක් වැයවෙන්නෙ නැ. අනිත් පාර්ශවය සතුවත් Skype Software එක Install කරල, Skype ID එකක් නොමිලේ Sign Up වෙලා ලබාගෙන තියෙනව නම්, ඒ ID එක හරහා ඔයාට එයාව සම්භන්ධ කරගන්න පුලුවන්....

අද මම ඔයාලට කියල දෙන්න හදන්නෙ ටිකක් වැදගත් දේවල් ටිකක් කරගන්න හැටි , මේ Skype Software එකෙන්..

1. Sign In වෙන තැන ඔයාලගෙ User Id එක Delete කරන හැටි

Skype භාවිතා කරපු අය දන්නවා, ඔයාගෙ id එක , ඔයා ලොග් වෙලා Logout වුනාට පස්සෙත් එතන තියෙනවා කියල.. මේක ලොකු ප්‍රශ්නයක් ඔයාල Internet Cafe වලින් ලොග් වෙනකොට.. මම දැන් ඔයාලට කියල දෙන්න හදන්නෙ , ඒ User Id  එක එතනින් Remove කරන හැටි..




1. මුලින්ම Skype Application එක Close කරන්න..  සැ.යු : Application එකේ Close Button එක එබු විට, ඒක Task Bar එකට Minimize වෙනවා, එතනින් Right Click > Quit


2.Windows Button එකයි R අකුරයි Press කරන්න. නැත්නම් ඔයාගෙ Start Menu එකෙන් Run කියන Application එක උඩ Click කරන්න.. පහල තියෙනවා වගේ එකක් Open වේවි..

3.  %appdata%\skype කියල type කරන්න Open කියල තියෙන තැන.. ඊට පස්සෙ Ok කරන්න.. ඊලගට පහල තියෙනවා වගේ එකක් Open වේවි..


4. ලැබෙන Window එකෙන් ඔයාගෙ Username එකට අදාල Folder එකක් ඇති... මගෙ නම් තියෙන්නෙ මෙතන unitylanka කියලා , ඔයාලගෙ Skype ID එකෙන් මෙහෙම Folder එකක් ඇති. ඒ Folder එක හොයාගෙන Delete කරලා , ආපහු Skype Open කරලා බලන්න Login Window එකේ ඔයාගෙ User Id එක තියෙනවද කියලා..

2. Windows වලට ලොග් වෙද්දිම Desktop එකට Skype එන එක නවත්තමු

ඔයාල Computer එක On කරපු ගමන් ම සාමානයයෙන් Skype Application එකත් Open වෙනවා.. සමහරුන්ට මේක මහ කරදරයක්. එහෙනම් මෙන්න ඒක නවත්වන විදිය...

1. මුලින් ම ඔයාගෙ Skype Account එකට ලොග් වෙන්න...


2. ඊට පස්සෙ Tools > Options යන්න....



3. ලැබෙන Window එකෙන් General Settings වල ,Stat Skype When I Start Windows වල තියෙන හරි ලකුන අයින් කරලා |Save , Click| karanna 


3. Skype Call එකක් Record කරමු

සමහර වෙලාවට අපිට , Call එකක් Record කරන්න ඕන වෙනවා, ඒත් Skype තුල මම දන්න තරමින් Call record , Feature එක නෑ.. ඒක නිසා අපිට 3rd party Addon එකක් Install කරගන්න වෙනවා Call එකක් Record කරන්න.....


1.මුලින්ම මේ පහල තියෙන Download Button එක Click කරලා Pamela for Skype pro4.7.0.70 එක (මම Download කරගත්තෙ Torrent එකකින් :D ) Download කරගෙන Install කරගන්න. Software එක Run කරන්න කලින් නිවැරදිව පැච් කරගන්න... මුලින් Software එක Install කරල Crack , Folder එකෙ තියෙන Pamela.exe එක ඔයා Software එක Install කරගත්ත තැනට Paste කරන්න.. Overrite කරන්නද කියලා අහවි.. ඒක Yes කරන්න...



2.හරියට crack කලාට පස්සෙ, Pamela , Software එක Run කරන්න... මතක තියාගන්න, කීයට වත් Pamela Update කරන්න එපා..

3. Run කරලා Skype ලොග් වෙන්න... මෙහෙම එකෙක් ආවොත් Allow කරන්න


4. දැන් Skype වලින් Call එකක් අරන් බලන්න.. Call කරද්දි , මෙහෙම පහලින් තියෙන Message Box එක ආවොත් Yes කරන්න..

Record වෙච්ච සියලුම Tracks Pamela Software එකෙන් බලාගන්න පුලුවන්. මේ Software එකෙන් හුගක් දේවල් කරන්න පුලුවන් ලු, පොඩ්ඩක් හොයල බලන්න .. මාත් මේක පාවිච්චි කරන්න ගත්තා විතරයි...


මම හිතනවා ඔයාලට මේ tutorial එක හුගක් වැදගත් වේවි කියල.. එහෙනම් අදට මම ගියා.. ජය වේවා



4 comments:

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More